ගල්කිස්සේ තරුණයා ඝාතනය රත්මලානේ අංජු - රෝහා පාතාල ගැටුමක්

රත්මලාන කල්දේමුල්ල ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක් තුළට කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයකු ටී පනස් හය ගිනි අවියකින් පෙරේදා (05දා) රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස්
තිබේ.  රත්මලාන - කල්දේමුල්ල දුම්රියපළ පාර පදිංචිව සිටි පොද්දල ප්‍රියන්තගේ උදාර සඳරුවන් නමැති තිස් හැවිරිදි තිදරු පියකු මෙසේ මියගොස් තිබේ. එම පුද්ගලයා හෙරොයින් ජාවාරමට සම්බන්ධ අයකු බව පොලිසිය කියයි. ඔහු ඊයේ (06දා) දින සන්නිවේදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට
නියමිතව සිට ඇත.

එම ගොඩනැඟිල්ලේ පහත මහලේ කොටසක වැඩ නිම කරමින් පෙදරේරුවන් තිදෙනකු අසලට වී කතාබහ කරමින් සිටියදී රාත්‍රි 9.15 පමණ යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනකු පැමිණ තිබේ. ඔවුන්ගෙන් එක් අයකු එම පුද්ගලයා රැදී සිටි ස්ථානයටම පැමිණ ඔහුට ටී පනස් හය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර පලාගොස් ඇති බව ගල්කිස්ස පොලිසියේ උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. එ වෙඩි ප්‍රහාර ඔහුගේ හිසට, උදරයට උරහිසට හා පාදයකට වැදී තිබිණි. බරපතළ තුවාල ලබා සිටි එම පුද්ගලයාව 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුබෝවිල රෝහල කරා රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රත්මලානේ රොහා නමැත්තාගේ සමීපතමයකු බව පොලිසිය කියයි. මෙය රත්මලානේ අංජු හා රත්මලානේ රොහා නම් පාතාල කණ්ඩායම් දෙක අතර විරසකයක් නිසා සිදුවූවක් බව පොලිසිය කියයි. සැකකරුවන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

-එම්.සී.පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment