ශ්‍රි ලනිප සමුළුවට ඇරයුම් නොකළාට SWRD බණ්ඩාරනායකගේ දුව කණස්සල්ලෙන්


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්  පියදාස මහතාට ලිපියක් යොමු කර තිබේ. දෙසැම්බර් 04දා පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ
සම්මේලනය පිළිබඳව ගම්පහ
දිස්ත්‍රික් සංවිධායකවරුන් දැනුවත් කොට අදාළ පෝස්ටර් ලබාදීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් වන ලසන්ත අලගියවන්න විසින් සිදුකර ඇති අතර තමාට හා කැලණිය සංවිධායක තිලක් වරාගොඩ මහතාට හැර අන් සියලු දෙනාටම නොවැම්බර් 30 සිකුරාදා සවස 4.00ට ඒ සඳහා පැමිණෙන ලෙසට දැනුම් දී තිබූ බවත් එම ලිපියෙන් දක්වා තිබේ.

ලසන්ත අලගියවන්න මහතා කැලණිය සංවිධායකවරයාට සහ තමා හට ඒ බව දැනුම් දෙන ලෙසට උපදෙස් දී ඇතැයි තමන් දන්නා බවද හිටපු ජනාධිපතිනිය එම ලිපියේ සඳහන් කර තිබේ. තමාගේ දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ රත්නසේන කැටවලගේ මහතා නොවැම්බර් 30දා වෙනත් කටයුත්තක් සඳහා පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී ඔහුටද පෝස්ටර් ලබාදී තිබූ නමුත් දෙසැම්බර් 30 වැනි දින වන විටත් පක්ෂයේ කිසිම අයකු තමාට මේ රැස්වීම ගැන දැනුම් නොදුන් බවත් හිටපු ජනාධිපතිවරිය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.


-පහන් විජේසේකර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment