ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු දෙකක් ගැටී අනතුරින් ඉන්දීය කතක් රෝහලේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ ධාවනය කරමින් තිබූ ඉන්දීය ජාතික සංචාරක යුවළක් රැගත්  බෝට්ටුවක් උඩින්
තවත් අධිවේගී සංචාරක බෝට්ටුවක් ධාවනය වීමේදී එයට හැපී තුවාල ලැබූ ඉන්දීය ජාතික කතක් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත. පෙරේදා (08දා) මෙම අනතුර සිදුවී තිබේ. මෙම සිද්ධිය සැලවීමත් සමඟ නුවරඑළිය

පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතාගේ උපදෙස්
මත පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව කිසිදු බෝට්ටුවක් ඉන්පසු එදින වැවේ ධාවනය වී නැත.

ග්‍රෙගරි වැව ආශ්‍රිතව ප්‍රදේශයේ එදිනෙදා පවතින කාලගුණික තත්ත්වය අනුව වැවෙහි බෝට්ටු ධාවනයට සුදුසු තත්ත්වයක් වේද යන්නත් ආසන්නයේ තිබෙන නාවික හමුදා කඳවුරෙන් දිනපතා නිරීක්ෂණය කොට ධාවනයට සුදුසු කාලගුණයක් වේ නම් නාවික හමුදා කඳවුරේ සංඥා කොඩිය ඔසවා තබන අතර නුසුදුසු හා අනතුරුදායක තත්ත්වයක් වේ නම් කොඩිය පහතට හෙළීමක් සිදුවෙයි. එහෙත් මේ දිනවල නුවරඑළිය ආශ්‍රිත ප්‍රදේශවල හා ග්‍රෙගරි වැව ආසන්නයේ පවතින වරින් වර වර්ෂාව හා අධික මීදුම් තත්ත්වය සහිත අයහපත් කාලගුණය නිසා මෙදින සංචාරක බෝට්ටු ධාවනය නුසුදුසු බවට සංඥා කරමින් නාවික හමුදා කඳවුරු කොඩිය පහතට හෙළා තිබියදීත් එය ගණන් නොගෙන කටයුතු කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මේ වන විට අනාවරණය වී ඇත.


-චන්ද්‍රසිරි මහගම-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment