මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් රංගජීව ඉවත් කරන ලෙස ලොක්කෙක් පොලිස්පතිගෙන් ඉල්ලීම් කරලලු


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටින නිලධාරියෙකු වන පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව  වහාම
මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ඉවත් කර ස්ථාන මාරුකරන ලෙස ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පෙරේදා (08 වැනිදා) ලිපියක් යොමුකර තිබේ.


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් බේරුවල මුහුදේදී ඉකුත් දා අත්අඩංගුවට ගත් මෙරට දෙවන විශාලතම මත්කුඩු තොගය පිළිබඳ  කතා බහ අතර මෙම සිදුවීම වාර්තාවේ.
  පොලිස්‌ පරීක්‍ෂක රංගජීව එම මෙහෙයුමට සම්බන්ධව සිටියේ නැත. නමුත් දක්ෂ නිලධාරියෙකුවූ ඔහු සිරගෙදර වෙඩි තැබීම් සිද්ධිය නිසා සිරගතව සිට මෑතක ඇප මත නිදහස්වීමෙන් පසු සේවයට වාර්තා කළ අතර ඉදිරියේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අල්ලාගැනීමට සැලසුම් තිබී ඇත.ඔහු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් ඉවත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලීම අභිරහසක්‌ බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ලිපි ගොනු ආරක්‍ෂා කර ගැනීමට රංගජීව මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාරු කළයුතු ‍යැයි එම ලිපියේ සඳහන්ව තිබෙන බව පොලිසියේ ඉහළම නිලධාරීන්ට සමීප නිලධාරියෙක්‌  පැවසීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇත්තේ පොලිස්‌ මූලස්‌ථානයට සමීප කොළඹ මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සිව්වන මහලේ වන අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇත්තේ එහි තුන්වන මහලේ බවද එම නිලධාරියා පැවසීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment