ජනපති නව ආණ්ඩුවක් පත් කරාවි : දයාසිරි.


අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත් කරන ක්‍රියාවලියකට යනු ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කළ විමසීමකදීය.

දයාසිරි ජයසේකර මහතා මෙසේද  කීය.

“අප ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නවා. ඒ තීන්දුව අනුව අපට ඉදිරියේදී කටයුතු කරන්න වෙනවා. මේ ක්‍රියාදාමය තුළ මැතිවරණ අහෝසි වෙනවා. තවත් අධිකරණ තීන්දුවක් හෙට එනවා. ඉන්පසුව අවශ්‍ය තීන්දු තීරණවලට ගමන් කරාවි.”

එජනිස විශේෂ කණ්ඩායම් රැස්වීම 7ට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (13) පස්වරු 7.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සූදානම්ව පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment