ආයෙත් රංගේ එක්ක කතා කරන්නේ නෑ - SB.

   
මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 161 දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූ බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

හෙතෙම මේ බව පවසා සිටියේ අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එම පිරිසෙන් 123 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට කැමැත්ත පළකර සිටි බවත්, එහෙත් ඇතිවූ අර්බුදය හේතුවෙන් බහුතර බලය පෙන්වීමට අවස්ථාවක් නොමැති වූ අතර, ඉදිරියේදී බහුතර බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් යළිත් සාකච්ඡා කරන බවත් හෙතෙම කියා සිටියේය.

එහෙත් රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බවද හෙතෙම වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment