ජනපති සොහොයුරු ටෙලිකොම් සභාපතිට එරෙහිව වෘත්තීය සමිති වීදි බසියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ පාඩුව බිලියන 50 ක් පමණ දක්වා වැඩිවෙද්දී අනවශ්‍ය වියදම් කරන නමුත් සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් අදූරදර්ශී පාලනයක් ගෙන යන වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන සභාපතිධූරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් දීප ව්‍යාප්ත ටෙලිකොම් සේවකයන් සුදානම් වෙයි.

ඒ අනුව එළඹෙන 16 වනදා (හෙට) සංඛේත වර්ජනයක් දියත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

ටෙලිකොම් සමාගම රුපියල් බිලියන ගණනින් බැංකු වලට ණය වි තිබියදී සහ වාර්ෂික ලාභය අඩුවී තිබියදී තව තවත් ඉහළ නිලධාරීන් පත් කරමින් ඔවුන්ට විශාල වශයෙන් වරදාන වරප්‍රසාද ලබා දෙමින් බහුතර සේවකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් ගෙන යන දූෂිත පාලනයට විරුද්ධව ප්‍රධාන වෘත්තිය සමිති 8 ක් ඒකාබද්ධව ‘සුරකිමු ශ්‍රී ලංකා ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ’ නමින් සන්ධාන ගතව මෙකී වර්ජනය දියත් කරති.

දූෂිත කුමාරසිංහ සිරිසේන සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා 16 වෙනිදා පැවැත්වීමට නියමිත සංඛේත වැඩ වර්ජනයට ටෙලිකොම් පාරිභෝගික ඔබගේද සහාය දෙන්නැයි වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලා සිටී.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා ආදායමට වඩා බිලියන 50 ක පමණ පාඩුවක් සිදුව ඇත්තේ අන් කිසිවක් නිසා නොව පාලකයන්ගේ දුෂණ වංචා සහ දුර්වල කළමණාකරණය නිසාය. ඒ බව වෘත්තිය සමිති විසින් අවස්ථා ගණනක දී ලිඛිත සාක්ෂි සහිතව පෙන්වා දී තිබේ. වෘත්තීය සමිති බලපෑම හමුවේ සිදුව ඇති දුෂණ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කුමාරසිංහ සිරිසේන විසින් විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඇතුළු කමිටුවක් පත් කරන ලද නමුත් ඔවුන්ගේ වාර්තාව නිකුත් වී වසරක් ගෙවී ඇතත් වාර්තාව වෘත්තීය සමිති වලට හෙළිදරව් කර නොමැත.

එසේ නමුත් පැහැදිලි දූෂණ චෝදනා තිබෙන නිලධාරීන්ව ආරක්ෂා කරන සභාපති කුමාරසිංහ සිරිසේන ඔවුන් සමග එක්ව හවුලේ කටයුතු කරන අතර සභාපතිවරයා විසින් වසර ගණනාවක් මුළුල්ලේ ටෙලිකොම් සේවකයන් විඳින වරප්‍රසාද විශාල වශයෙන් කප්පාදු කර තිබෙන බවටද චෝදනා පවතී. සේවක වාර්ෂික වැටුප් වැඩිවීම පවා කප්පාදු කර ඇති නමුත් සභාපතිගේ වාර්ෂික ව්‍යාපාර සැලැස්ම සෑදීමට කියා කොළඹ සිට නුවරඑළියේ ඩඩ්ලි සිරිසේනගේ හෝටලයට ගොස් රුපියල් කෝටි ගණනින් වියදම් කර ඇති බවද වෘත්තීය සමිති අනාවරණය කර සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment