චම්පිකගෙන් පොරොන්දුවක් : ධම්මික පෙරේරාට මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය?


කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉදිරියේදී මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දැරීම තම අනාගත අපේක්ෂාව බව පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා දුනහොත් මාස තුනකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිසි මගට ගැනීමට හැකි බවත් මේ වන විටත් තමාගේ මොළයෙන් භාවිතා කරන්නේ 5%ක් පමණක් බවත් පැවසු ඔහු එහිදී තමන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට පැමිණි ආකාරය ගැන සඳහන් කලේ "කොටස් වෙළඳපොල" ආයෝජකයකු ලෙසය. 

චම්පිකගෙන් පොරොන්දුවක්?

මේ අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ධම්මික පෙරේරා අතර හමුවක් පසුගිය ජනවාරි පළවෙනිදා වෝටර්ස් එජ් හෝටලයේ දී සිදුව ඇති අතර එම හමුවී දී ධම්මික පෙරේරා වෙත මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය ලබා දීමේ සැලැස්මක් පිළිබඳව ද සාකච්ඡා වී ඇති බව ද සඳහන්ය. ඒ ඉදිරියේ පාඨලී චම්පික රණවකගේ පාලන සමයක් තුලයි.

කෙසේ නමුත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ධම්මික පෙරේරා එකම පාසලක මෙන් ම එකම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ සමීප මිතුරන් දෙදෙනෙක් ලෙස ද ප්‍රකටය.

මෙරටේ ඇති ප්‍රධානතම කැසීනෝ සමාගම් 2 ක වන ‘බැලේස්’ සහ ‘බෙලාජි’ වර්තමාන අයිතිකරු ධම්මික පෙරේරාගේය.

රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයද ඉන්පසුව එම යුගයේ ම ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ද ධම්මික පෙරේරා මහතාව පත්කර තිබිණ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment