පොලිස් ඩමියට අල්ලස් දෙන්න ගිහින් අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/01/police-dummy-bribe-arrest.html#more
ථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට අල්ලස් දෙන්නට උත්සාහ කරන පිරිස් පිළිබඳ නිතර වාර්තාවේ. එනමුත් එසේ පණ ඇති නිලධාරීන්ට අල්ලස් දෙන්න උත්සාහ කරද්දී අත්අඩංගුවට පත්වීමේ ආරංචි විරලය. කෙසේ වෙතත් පණ නැති පොලිස් ඩමියකට අල්ලස් දෙන්න උත්සාහ කිරීමට ගොස් තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට පත්වූ සිද්ධියක්
වවුනියාවෙන් වාර්තාවේ.
වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු ඊයේ 3 දා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට ඇති බව

වාර්තාවේ.
පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙන් වුවත් මේ ඩමිය ඉදිරියට ගිය එක් පුද්ගලයෙකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපනය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරී ඇති අතර ඔහු මිතුරෙකු ලවා එය ළුීඩියෝ කරවාගෙන  සමාජ මාධ්‍ය වෙත යොමු කොට විනෝදයක් ලබාගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ එය වේගයෙන් සංසරණය වෙද්දී පොලිස් නිලධාරීන්ටද එය දැක ගන්නට ලැබී ඇති අතර එයින් ඔවුන් සිත් රිදවාගෙන ඇත.
මේ පිළිබදව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජෙයෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරන ලද පුද්ගලයාත් දර්ශන වලට  පෙනීසිටි පුද්ගලයාත් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සමච්චලයට ලක් කිරීම,පොලීසියට අපහාස කිරීම,මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබා දීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත් අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි.
දිසා විනිසුරුවරයා එම තරුණයින් දෙදෙනාව ඇප මත නිදහස් කොට ඇති අතර යළි ලබන 24 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් නියෝග කොට තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment