විපක්ෂනායක කාර්යාලය හා නිල නිවස මහින්දට නෑ.


සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බව දේශපාලන ආරංචි මාර්ග  සඳහන් කළේය.

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් ආර්. සම්බන්ධන් මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර පැන නැගී තිබෙන ගැටුම නිරාකරණය කිරීමට පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කර, එහි අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තෙක් විපක්ෂනායකවරයා ලෙස ආර්. සම්බන්ධන් මහතා කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක්  ප්‍රකාශ කළේය.

එම තත්ත්වය යටතේ රටේ විපක්ෂනායක හිමි කිසිදු වරප්‍රසාදයක්  මහින්ද රාජපක්ෂ මහතාට හිමි නොවන බවද ද්‍රවිඩ ජාතික සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment