"ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක්"


ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගෙන් යුත් සෙනට් සභාවක් පිහිටවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවැසීයැයි අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නාහිමියෝ පැවැසූහ.

රට පාලනය කරන පිරිස බුද්ධිමත් දුරදිග පෙනෙන පිරිසක් විය යුතු බව කී මහ නාහිමියෝ අග්‍රාමාත්‍යවරයා සතු ඉවසිලිවන්ත බවට තමන් වහන්සේ සුවිශේෂී ප්‍රසංශාවක් පළ කළ බවද කීහ.

ගල්කිස්ස ධර්මපාලාරාමයට ඊයේ (03) පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් බැහැදැක පැයකට ආසන්න කාලයක් කතාබහක නිරත විය.

මහා නාහිමියන් බැහැදැක පිටව යාමේදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ රටේ සාමය රැකීම සහ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව මහා නාහිමියෝ උපදෙස් ලබා දුන් බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment