මහින්දගේ ණය බිලියනයක් ගෙවද්දී, චීනය තවත් බිලියනයක් දෙන්න හදයි.


මේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

2014 වසරේ ජනවාරි මාසයේදී එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ජාත්‍යන්තර සෛවරීත්ව බැදුම්කර යටතේ 6.00%ක පොලියක් යටතේ ලබාගෙන තිබූ මුදල් මෙසේ ආපසු ගෙවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය පහළ දැමීමට ජාත්‍යන්තර ආයතන කටයුතු කිරීමත් සමග විදේශීය මුදල් සපයා ගැනීමේ අපහසුතාවක් ඇති හෙයින් මෙම ණය පහසුකම ලබාගැනීමට ශ්‍රී ලංකාවේද අවධානය යොමුව ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment