ගාලුමුවදොර පොර්ට් සිටි - මුහුද ගොඩ කිරීම අවසන් - ඊළඟට ගස් හා ගොඩනැගිලි

2014 වසරේ සිට වසර 5 ක් තිස්සේ සිදු කළ කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ අදියර මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව
මහනගර සහ බස්නාහිර
සංවර්ධන අමාත්‍යාංශය දන්වා තිබේ.
හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් ඊළඟට ඇරඹීමට නියමිතය.
අවසන් කළ කටයුතු නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක් හෙට 16 යොදා ඇති අතර අමාත්‍ය පාඨලී චම්පික රණවක හා ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහතා ඊට සහභාගී වේ.
සැලසුම අනුව 2019 මැදදී අවසන් කිරීමට නියමිතව තිබූ මුහුද ගොඩකිරීම ජනවාරි මාසයේම අවසන් කර තිබෙන අතර මීළඟට අදාළ ප්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීම සිදුවනු ඇති බවත් ගොඩනැගිලි ඉදිකිරීම කොටසක් ඇරඹෙන බවත් පැවසේ. 2020 වනවිට මහාමාර්ග පද්ධතිය හා ගස් වැවීමත් සිදු කර උද්‍යාන සැකසීමද අවසන් කරනු ඇති බව කියැවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment