එජාපය ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග හකුළයි.

ඔක්තෝබර් 26 වනදා සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයට අදාළ කිසිඳු නීතිමය පියවරක් නොගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව පොරොන්දුවී ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමඟ සහයෝගයෙන් රට ඉදිරි මැතිවරණයක් වන තුරු බාධාවකින් තොරව ගෙන යාමේ අපේක්ෂාවෙන් යුතුව මෙම තීරණය ගෙන ඇති බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මේ බව පසුගියදා පැවති ජනාධිපති උපදේශක, සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සුහද හමුවේදීද සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි. එහිදීද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳ තහවුරුවක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

එසේම ජනාධිපති සිරිසේන පාර්ශවයද ආණ්ඩුවේ කටයුතු වලට බාධා නොකරන බවට තහවුරුවක් ලබාදී ඇති බවත් දැනගන්නට ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment