සබරගමු වෛද්‍ය පීඨය විවෘත කරන්න දේශපාලකයින් එපා යයි උද්ඝෝෂණ

සබරගමු විශ්වවිද්‍යාලයට අනුබද්ධව කුරුවිට ස්ථාපිත කළ නව වෛද්‍ය පීඨය විවෘත කිරීමට දේශපාලනඥයන් සම්බන්ධ කරගැනීමට විරෝධය පළකරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ඊයේ (16) දහවල් පැයක  විශ්වවිද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

අග්‍රාමෘත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් අතින් සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අද (17) පෙරවරුරේ විවෘත වීමට නියමිතය.
සබරගමු විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප්‍රතිඵලයක් ලෙසින් යැයි විරෝධතාව මෙහයවූ මහා

ශිෂ්‍ය සංගමයේ සභාපති  පැවසීය. උපකුලපතිවරයා අගමැති ගෙන්වා ලකුණු ලබාගන්න මධ්‍ය සන්දර්ශන පවත්වන බව ඔහුගේ චෝදනාවයි.

කෙසේ වෙතත් මින් ඉහත 2017 මාර්තු මස පැවති උද්ඝෝෂණයකින් මෙම සංගමය රජයට බලකර තිබුනේ වෛද්‍ය පීඨය ඉක්මනින් ලබාදෙන ලෙසයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment