හස්ත සංඥා මරණ තර්ජන එල්ල කළැයි බ්‍රිගේඩියර් ප්‍රියංකට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ නඩු

මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා මත ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කොටි ඩයස්පෝරාව වෙස් මිනිස්ටර් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

 මෙම නඩුව ජනවාරි 21 දා විභාගයට ගැනීමට එම අධිකරණය ඊයේ (17 දා) තීරණය කළේය.මේ නඩුවේ පැමිණිලිකරු ලන්ඩන් නුවර ප‍්‍රධාන පෙළේ කොටි ක‍්‍රියාකාරිකයකු වූ මජුරන් සත්‍යානන්දන් නමැත්තායි.

 නඩුවේ සාක්‍ෂිකරුවන් ලෙස පල්ලිය ගුරුගේ
සහ විනෝද් පි‍්‍රයන්ත පෙරේරා යන දෙදෙනා නම්කර ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙයය.

 මේ නඩුව පැවරූ කොටි කි‍්‍රයාකාරීන් වෙනුවෙන් ලන්ඩන් නුවර පෝලිංහරන් සහ හෙලන් මෝටම් යන නීතිවේදීන් දෙදෙනා පෙනී සිටී.

 2018 ජනවාරි 4 දා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණ තර්ජන එල්ල කළ බවත් ඒ ගැන ලන්ඩන් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල ගැන පොලිසිය කි‍්‍රයා කළේ නැති බව, පැමිණිලිකරු වන සත්‍යානන්දන් සිය පැමිණිල්ලේ දක්වා ඇත.

 බි‍්‍රතාන්‍ය මහජන ආරක්‍ෂක පනතේ 4 වැනි වගන්තිය යටතේ මේ නඩුව ගොනු කරන බවද පැමිණිලිකරුගේ නීතිවේදියා සඳහන් කර ඇත.

 එසේම බි‍්‍රගේඩියර්වරයාට එරෙහි චෝදනා ඇතුළත් සිතාසි ඔහු වෙත යවා ඇතත් මෙතෙක් ඊට ප‍්‍රතිචාර දක්වා නැති බවත් පවසන පැමිණිලිකරු ඔහු නැතිව හෝ නඩුව විභාග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

-කීර්ති වර්ණකුලසූරිය- (දිවයින)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment