සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි 02ක් නවතා දමලා


සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ''දස ලක්ෂපති කාර් ප්ලස්'' සහ ''ගැලැක්සි ස්ටාර්'' යන ලොතරැයි දෙක නවත්වා ඇතැයි ලොතරැයි  මණ්ඩලය පවසයි.  මෙම ලොතරැයිපත් දෙකේ අලෙවිය ප්‍රමාණවත් නොවීම ඒවා
වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ප්‍රධාන
හේතුව් බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසයි.

''ගැලැක්සි ස්ටාර්'' ලොතරැයිය 2015 වසරේදී ආරම්භ කෙරුණු අතර ''දස ලක්ෂපති කාර් ප්ලස්'' ලොතරැයිය 2017 වසරේදී ආරම්භ කෙරීණි.

මේ අතර බදාදා දිනවල දිනුම් අදිනු ලැබූ දය ලක්ෂපති කාර් ප්ලස් ලොතරැයිය වෙනුවට එදින සංවර්ධන වාසනා ලොතරැයියද ඉරිදා දිනුම් අදිනු ලැබූ ගැලැක්සි ස්ටර් ලොතරැයිය වෙනුවට සුපර්බෝල් ලොතරැයියද දිනුම් ඇදීම සිදුකරන බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය වැඩිදුරටත් කියා සිටි. දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් වර්ග අටකට අයත් ලොතරැයි පත් වෙළඳපොළට නිකුත් කෙරේ.

-මහින්ද නිශ්ශංක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment