ගොක්කොළ පොල් මල් සමග ඇඩ් එකක් ෂූට් කරන්න ගමට ආ අය නිදන් හොරු කියා ගම්මු පොලිසියට අල්ලාදීලා

වෙළඳ දැක්වීමක් රූගත කිරීම සඳහා පැමිණි කණ්ඩායමක් විහාරස්ථානයක නිදන් ලබා ගැනීමට පැමිණි පිරිසක් බචට ලැබුණු තොරතුරක් මත පොලිස් අත්අඩංගුවට පත් වීමේ  සිද්ධියක් පෙරේදා (16දා) ගල්කිරියාගම පොලිසියෙන්  වාර්තා විය.
ගල්කිරියාගම පොලිස් වසමේ කළුගල ප්‍රදේශයේ විහාරස්ථානයක නාඳුනන කණ්ඩායමක් පොල් මල්, ගොක්කොළ සහ කෙසෙල් අතු සමඟ වාහන දෙකකින් පැමිණ රාත්‍රී කාලයේ රැදී සිටින බවට ප්‍රදේශවාසීන්ට ලැබුණු තොරතුරක් මත ප්‍රදේශවාසීහු මෙම පන්සල් භූමිය වටකොට ගල්කිරියාගම පොලිසියට මේ බව
දැනුම් දී ඇත.

 වහාම ක්‍රියාත්මක වූ ගල්කිරියාගම තලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පරිස මේ පිළිබඳ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබී ඇත්තේ පිරිසක් එම ප්‍රදේශයේ නිදන් හැරීමට උත්සාහ කරන බවය. පොලීසිය විශේෂ කණ්ඩායමක් යොදවා මධ්‍යම රාත්‍රියේ පන්සල වටලා ප්‍රදේශවාසීන්ගෙන්ද සහාය ඇතිව මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇත. පසුව එම ස්ථානයේ සිටි පුද්ගලයන් අට දෙනකු වාහන දෙකක් ඔවුන් රැගෙන විත් තිබූ බඩු බාහිරාදිය සියල්ල ගල්කිරියාගම පොලිසිය මඟින්  අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ආ බව පොලිසිය කියයි.

 පසුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී  හෙළිව ඇත්තේ මෙම පිරිස වෙළෙඳ  දැන්වීම් ප්‍රචාරණ ආයතනයක සේවකයන් බවත් ඔවුන් පැමිණ ඇත්තේ වෙළෙඳ දැන්වීමක් සඳහා අවශ්‍ය රූප රාමු
කිහිපයක් කළුගල ප්‍රදේශයේ පටිගත කිරීමට බවයි.

මීට පෙර දින යාපනය ප්‍රදේශයේ රූපගත කළ දර්ශන ඔවුන් විසින්  පොලීසියට පෙන්වා ඇත. පසුව  ගල්කිරියාගම පොලිසිය යාපනය  පොලීසියෙන් කරුණු විමසීමේදී  හෙළිව ඇත්තේ ඔවුන් යාපනය ප්‍රදේශයේද වෙළඳ දැන්වීම රූපගත කළ බවයි.

 මෙවැනි පටිගත කිරීම සඳහා රාත්‍රී කාලයේ ගම්මානවලට පැමිණෙද්දී ගම්මුන් හ පොලිසිය දැනුවත් කර පැමිණියේ නම් මේ කණ්ඩායම අපහසුතාවට පත් නොවන බව ගල්කිරියාගම පොලිසිය සඳහන් කරයි.

- කේ.කේ. ආරියදාස-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment