එළිසබෙත් රැජිනගේ සැමියා පිලිප් ගමන් කළ රිය අනතුරකට ලක්වේ

බ්‍රිතාන්‍යයේ සැන්ඩ්‍රින්හැම් වතුයාය Sandringham estate සමීපයේදී ඇතිවූ මාර්ග අනතුරක් හේතුවෙන් බ්‍රිතාන්‍ය රැජිනගේ සැමියා වන පිලිප් කම්පනයට ලක්ව තිබේ.‍
ඊයේ සවස 3 ට පමණ රියදුරු සමග
පිලිප් කුමරු ගමන් ගත් ලැන්ඩ්රෝවර්
වර්ගයේ රථය වමාර්ගයෙන් ලිස්සා ගොස් අසළින් ගසන් ගත් කියා වර්ගයේ වෙනත් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම රථයේ කාන්තාවන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇත.

අනතුර සමග කියා රථය මාර්ගයේ පැත්තකට හැරී ගිය අතර පිලිප් කුමරු ගමන් කළ ලෑන්රෝවර් රථය පැත්තකට ඇලවී නතරවිය. පිලිප් කුමරු පිටතට පැමින ඇත්තේ උඩ අතට තිබුණ දොරෙනි.

අනතුරින් 97 හැවිරිදි පිලිප් කුමරුට හෝ එම රියදුරුට කිසිදු හානියක් සිදුව නොමැති නමුත් පිලිප් කුමරු කම්පනයට පත්ව ඇත. අනෙක් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇති අතර ඔවුන් රෝහල් ගතවී පැය කිහිපයකින් පිටව ගොස් ඇත.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment