දූලාට වෛශ්‍යාවන් කියුවැයි බුද්ධිකට එරෙහිව ඒඑස්පී ලක්ෂ 10000 නඩු දමයි

https://www.gossiplankanews.com/2019/02/100000-lakhs-asp-buddika.html
තම දියණියන් දෙදෙනාට වෛශ්‍යාවන් යයි පවසමින් ප්‍රසිද්ධියේ අපහාස කළ නිසා ඊට එරෙහිව නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණට එරෙහිව නඩු මගට එළැඹෙන බව හිටපු කටාර් තානාපති ඒඑස්පී ලියනගේ මහතා
පසුගියදා දන්වා සිටියේය.
ඒඑස්පී ලියනගේ මහතා කටාර් තානාපති ධූරයේ සේවය කරන කාලයේ කටාර්හි පුද්ගලික පාසලක් නීති විරෝධී ලෙස පවත්වා යමින් මුදල් අවභාවිතා කළැයි කියමින් බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ වරක් කතාවක් පැවැත්වූ බවත් තවත් වරක් විහාරමහාදේවී උද්‍යානයේ පැවති

උත්සවයකදී සභාව අමතමින් තමන්ගේ දියනියන් වෛශ්‍යාවන් බවට
 ප්‍රසිද්ධියේ චෝදනා කළ බවත් ලියනගේ මහතා දන්වා සිටී. මෙම සිද්ධි දෙක වෙනුවෙන් තමන් නඩු මගට එළැඹෙන බව ඔහු දන්වා සිටී. දියනියන්ට නිගරු කළාට වන්දිය ලක්ෂ 10000 බවත් ඔහු දන්වා ඇත.
තානාපති ධූරයෙන්

ඉවත්වූ තමන් කටාර් සිට ළඟදීම ලංකාවට එන බවත් එසේ ආපසුව මෙම නඩු පවරන බවත් ඔහු දන්වා ඇති අතර මීට පෙර නඩු මගට එලැඹෙන්නට උත්සාහ කළ නමුත් ජනපති මෛත්‍රී යහපාලන කන්ඩායම යයි ඒ ගැන කියා සිටීමෙන් පසු නඩු දැමීම අත්හැර තිබූ නමුත් දැන් එවැනි බාධාවක් නැති නිසා නඩු පවරන බවත් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බුද්ධික පතිරණ නි. ඇමතිවරයා ඩේලි මිරර් ප්‍රවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ තමා ඕනෑම දෙයකට මුහුණදීමට සූදානම් බවකි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment