බිරියගේ පෙර විවාහයේ 12 හැවිරිදි දැරිය සහ ඇගේ මිතුරිය අපයෝජනය කළ සැමියා

හලාවත - කරවිටාගාර ප්‍රදේශයේ මිනී මැරුම් චෝදනාවකට ලක්වූ පුද්ගලයකු තම දෙවැනි විවාහයේ බිරියගේ දොළොස් හැවිරිදි පාසල් දැරියක සහ එම වයසේ ඇගේ යෙහෙළියක බරපතළ ලිංගික අපයෝජනයට ලක්
කිරීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (14දා)

අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි. මෙම පුද්ගලයා 33 හැවිරිදි විවාහක පුද්ගලයකු වන අතර එම ප්‍රදේශයේ සිදුකළ මිනීමරුමක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය සැකකරුට විරුද්ධව දමා ඇති නඩුවක්ද හලාවත අධිකරණයේ විභාග වෙමින් පවතී.

කලින් විවාහයේ සැකකරුට දරුවන් ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇති අතර දෙවැනි විවාහය සිදුකරගන්නා විට එම කාන්තාවට ගැහැනු දරුවකු සිට ඇති අතර සිද්ධිය සිදුවන විට මෙම දැරිය 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. මෙම දැරියන් පාසල් යන සම වයසේ දැරියගේ මිතුරියකුත් අවස්ථා ගණනාවකදී සැකකරු අපයෝජනය කර ඇති බව හෙළිවී ඇත.

දැරියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහල් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හලාවත පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රෆායි මහතාගේ ප්‍රධානත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක සුපුනි ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment