බුද්ධාගමට හැරුණ රජීව් දියණිය ප්‍රියංකා ගාන්ධි ක්‍රියාකාරී දේශපාලනය අරඹයි

https://www.gossiplankanews.com/2019/02/priyanka-gandhi-to-active-politics.html#more
න්දියාවේ වඩාත් බලපෑම්කාරී දේශපාලන පවුල් පසුබිම ලෙස සැලකෙන ගාන්ධි - නේරු පසුබිම තුළින් බිහිවන අලුත්ම බලවේගය ලෙස රාජිව් ගාන්ධිගේ දියණිය ප්‍රියංකා ගාන්ධි ඊයේ දේශපාලන රැළියකට එක්ව කථාවක් පවත්වමින් සිය නව දේශපාලන ගමන ආරම්භ කළාය.
පසුගිය ජනවාරි 23 වනදා ඉන්දීය කොංග්‍රස් පක්ෂය
මගින් ප්‍රියංකා ගාන්ධිව උත්තර ප්‍රදේශයේ ප්‍රධාන පක්ෂ සංවිධායකවරිය බවට නම් කළ පසුව ඇය ඊයේ (11) උත්තර ප්‍රදේශයේ දේශපාලන රථ පළපාලියකට සහභාගීවී දසදහසකට අධික පිරිසක් ඉදිරියේ සිය මුල්ම දේශපාලන කථාවද පැවැත්වූවාය.

දිගු කලෙක සිට ප්‍රියංකා ගාන්ධි සිය පියාගේ හා මිත්තණියගේ අඩිපාරේ යමින් දේශපාලනයට සම්බන්ධවූ නමුත් මෙලෙස ක්‍රියාකාරී ලෙස එක්වූයේ මුල්වරටය. 2004 දී ඇගේ මව සෝනියා දේශපාලනය කරද්දී සෝනියාගේ කළමනාකරු ලෙසත් 2007 සිය සොයුරු රහුල් ගාන්ධිගේ දේශපාලන ව්‍යාපාරයේ සහකාරියක ලෙසත් පමණක් එක්ව තිබුණි.


47 හැවිරිදි ප්‍රියංකා ඉන්දියාවේ ජීසස් හා මේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා දිල්ලි විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිධාරිනියක වන අතර ඇය පසුව ඇගේ පශ්චාත් උපාධිය 'බෞද්ධ අධ්‍යයනය' වෙනුවෙන් ලබාගැනීම විශේෂිතය.
පසුව ඇය හින්දු ආගම අතැර බුද්ධාගමට හැරුණ තැනැත්තියකි.

දෙදරු මවක වන ඇය ඉන්දියානු ව්‍යාපාරික රොබට් වෙඩ්රා සමග විවාහවී සිටී.










Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment