ලෝකයේ වේගවත්ම මෙහෙයුම් කණ්ඩායම් තරගයේ ජය ඩුබායි පොලිසියට



රටවල් 50 ක පොලිස් කණ්ඩායම් සහභාගී වෙමින් ඊයේ (11) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්නට යෙදුණ SWAT Challenge ලෙස හඳුන්වන පොලිස් ආයුධ හා උපායමාර්ගික තරගාවලියේ ලෝකයේ
වේගවත්ම මෙහෙයුම් කණ්ඩායම ලෙස

ඩුබායි පොලිසියේ කමාන්ඩෝ බලකාය සම්මානයට පාත්‍ර විය.
පහරදීමක් සම්බන්ධ සංසිද්ධියකදී පිරිසක් මෙල්ල කර අත්අඩංගුවට ගැනීම ඔවුන්ට සපයා තිබූ කාර්යය වූ අතර එහිදී මිනිත්තු 2.16 වැනි කෙටි කාලයකින් එම කාර්යය සම්පූර්ණ කිරීමට ඩුබායි පොලිසිය සමත්ව ඇත.
මෙම තරග අංශයේ  දෙවැනි තැන කුවේට් පොලීසියටත් තෙවැනි තැන බෙලාරූස් පොලිසියටත් හිමිවූ බව ගල්ෆ් නිවුස් පුවත් වාර්තාවක සඳහන්වේ.

දින 5 ක් පුරා පවත්වන්නට නියමිත මෙම තරගාවලියේ මෙම ඉසව්වට අමතරව තවත් තරග පැවැත්වෙන බවද වාර්තා කර තිබේ. ඩුබායි පොලිසිය මෙම කාර්ය දක්ෂතාව වෙනුවෙන් ඩිරාම් 5000 ක මුදල් ත්‍යාගයක්ද ලබාගෙන ඇති බව වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment