ගොල්ෆ් ක්‍රීඩාවෙන් ලංකාව බැබලවූ නන්දසේන පෙරේරා සමුගනී


ලංකාව වෙනුවෙන් ගොල්ෆ් ක්‍රීඩා පදක්කම් රාශියක් දිනාගත්  ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩක කේ. නන්දසේන පෙරේරා වයස
අවුරුදු 64 ක්ව සිටියදී ඊයේ (15)
අභාවප්‍රාප්ත වුයේය.
කලෙක සිට වකුගඩු ආබාධයකට ලක්ව සිටි ඔහු  මියගිය දිනයේම අවසන් කටයුතු සිදු කරන්නට යයි දන්වා සිටි නිසා අවසන් කටයුතු ඊයේ දිනයේදීම බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සිදු කර තිබුණි.
මෙරට ජාතික ගොල්ෆ් ශූරතාව හත්වතාවක් දිනූ නන්දසේන පෙරේරා සමස්ත ඉන්දීය ගොල්ෆ් ශූරතාව මෙන්ම පාකිස්ථාන, තායිලන්ත, සිංගප්පූරු සහ මැලේසියානු ගොල්ෆ් ශූරතාවන් ජයග්‍රහණය කර ඇති අයෙකි.
ඔහුගේ විශිෂ්ටතම දස්කම වන්නේ 1990 වසරේ බීජිං ආසියානු ක්‍රීඩා උළෙලේ ගොල්ෆ් ක්‍රීඩාව සඳහා වන රිදී පදක්කම ජයග්‍රහණය කිරීමයි.
මුල් කාලයේ ගොල්ෆ් ක්‍රීඩා කරන විදේශිකයින්ගේ උපකරණ රැගෙන පසුපස යන සහායකයෙකු ලෙස සේවය කළ ඔහු පසුව ක්‍රීඩකයෙකු බවට පත්වූ විශේෂ කතාව ඒ කාලයේ මාධ්‍ය තුළ විශේෂ අවධානයකින් පළවිය.
මියගිය නන්දසේනගේ පුත් මිතුන්ද මේ වනවිට ගොල්ෆ් ක්‍රීඩා කරන්නෙකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment