අමල් හා නදීමාල් ඩුබායි පොලිසියේදි සින්දු කියලා

https://www.gossiplankanews.com/2019/02/amal-nadeemal-sing-in-dubai-police.html#more
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා තමන් නිර්දෝෂි බවත් ආවේ ගීත කියන්න පමනක් බවත් දන්වා සිටීමෙන් පසු එය ඔප්පු කර පෙන්වන්නැයි
අභියෝග කර තිබේ. ඒ අනුව
 අන්තර්ජාලයෙහි ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන්

ඉදිරියේ ගායනා කර තමන් ගායන ශිල්පින් වන බවට තහවුරු කරන ලෙස ඔවුන් පවසා ඇති බව නීතීඥ උදුල් දන්වා ඇත.

අන්තර්ජාලයේ ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන් ඉදිරියේ වාදනය කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අමල් හා නදීමාල් ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරගත් බව ඔහු දන්වා තිබේ.

මේ අතර  නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාවට අනුව ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බවට බර් ඩුබායි පොලිසිය තහවුරු කළ බවද නීතීඥ උඳුල් ප්‍රේමරත්න මහතා දන්වා තිබේ.‍

අත්අඩංගුවේ පසුවන සෙසු අයගේ රුධිර සාම්පල වාර්තා මෙතෙක් ලැබී නොමැති බවට එම නිලධාරීන් ප්‍රකාශ කළ බවද  මේ අනුව නදීමාල්ට නිදහස ලබාගැනීම පහසුවනු ඇතැයි ඔහු දන්වා ඇත.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment