ලබන බදාදා (13) ගුරු-විදුහල්පතිවරු වර්ජනයක්

වසර 22ක බීසී පෙරේරා වැටුප් විසමතා ඉවත් කර වැටුප් වැඩි කරන ලෙසත්, නව ව්‍යවස්ථා මඟින් කොල්ල කෑ මාස 30ක හිඟ වැටුප් වහා ගෙවන ලෙසත්, 2016.01.01 දින සිට නවක පත්වීම් ලැබූ ගුරුවරුන්ට අහිමි කළ
විශ්‍රාම වැටුප යළි ලබාදෙන ලෙසත්, බල කරමින් මාර්තු 13 වැනිද අසනීප නිවාඩු වාර්තා කර වැඩ වර්ජනයක් දියත් කිරීමට පියවර ගන්නා බව ගුරු - විදුහල්පති සංගම් ප්‍රකාශ කරයි.

ගුරු - විදුහල්පති වැටුප් විසමතා ඉවත් කරන ලෙසත්, ගුරු - විදුහල්පති සේවා දීප ව්‍යාප්ත සේවාවක් කරන ලෙසත්,
ගුරු - විදුහල්පති සේවාවන්හි ඪ පන්තියට තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙසත්, කලාප අධ්‍යාපන කාර්යාලවල ආයතනික කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් පත් කරන ලෙසත්, ගුරු සේවා ව්‍යවස්ථාවේ සංශෝධන වහා ක්‍රියාත්මක කරන ලෙසත්, ඉල්ලා මෙම වැඩ වර්ජනය දියත් කරන බවද ගුරු - විදුහල්පති සංගම් පවසයි. ජයග්‍රහණය තෙක් එක්සත්ව සටන් වදින බවද ගුරු - විදුහල්පති සංගම් අවධාරණය කරයි.

පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය, සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, පුහුණු, විද්‍යාපීඨ හා උපාධි ගුරු සංගමය, රාජ්‍ය සේවා එක්සත් ගුරු සංගමය, ජනතා ගුරු සංගමය, කතෝලික ගුරු සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් මාර්තු 13 වැනිදා පැවැත්වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට සූදානමින් සිටිති.



බද්දේගම - ඕ. කමලනාථ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment