එජාපෙයි ටීඑන්එ්යි පාර්ලිමේන්තුව අවිනිශ්චිත කරලා අපේ වැඩ නැවැත්තුවා අපි වැඩ කළ දින 19 ඉතා සාර්ථකයි - රුපියල හදන්න කල් මදි වුණා

https://www.gossiplankanews.com/2019/03/19days-mahinda-speaks.html#more
ද (12) දින අයවැය විවාදයට එක්වෙමින් විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින 51 ආණ්ඩුව ගැන පැහැදිලි කිරීමක් කර තිබුනේය. එහිදී ඔහු පැවසුවේ දින 51 ක් නොව තමා වැඩ කළේ දින 19 ක් බවත් ඒ කෙටි කාලය ඉතා සාර්ථක වූ බවත්ය. එජාපය හා ටීඑන්ඒ කළ බාධාව නොවන්නට
තමන්ගේ එම රජයට ජනතා සහන රැසක් ලබාදෙන්නට හැකියාව තිබුණ බවයි.
මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී මෙසේ කීවේය.

'2018 ඔක්තෝබර් 26 වන දින ජනාධිපති සිරිසේන පත් කළ නව ආණ්ඩුවට නෛතික බාධාවක් තොරව කටයුතු කරන්නට හැකිවුයේ

නොවැම්බර්14 තෙක් පමණයි. එනම් දින 19 ක් පමණයි. එසේ වුවත් ජනතාවගේ වාසියට සහන කිහිපයක් ලබාදෙන්න අපට හැකිවුණා. විශේෂයෙන්ම තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් දෙවරක් අඩුකරන්නට අපට හැකිවීම නිසා ජනතාවට විශාල වාසියක් ලැබුණා.

පොහොර සහනාධාරය නැවත ක්‍රියාත්මක කිරීමට හැකිවූ නිසා ගොවීන්ට විහාල සහනයක් ලැබුනා. තවත් සහනාධාර කිහිපයක් දියත් කරන්නට අප සූදානම් කර තිබුණද එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය පාර්ලිමේන්තුවේ කළ දේශපාලනික අවිනිශ්චිතභාවය නිසා මේ දින 19 තුළ අපට කල හැකිවූයේ සීමිත වැඩ කොටසක් පමනක් බව අප කියන්නට අවශ්‍යයි.

මේ දින 19 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1000 ක පමණ ආයෝජන රටට ගෙන ඒමට විදේශ ආයෝජකයින් කීපදෙනෙකුම එකඟ කරගන්නට අපට හැකිවූවද 2018 නොවැම්බර් 14 මතුවූ අවිනිශ්චිතභාවය නිසා එම ආයෝජනය මල්ඵල ගන්වන්නට සිදු නොවිණි.
ඒ අතරම මහබැංකුවේ වෙනසක් කරන්නට අපට අවකාශ උදා නොවූ නිසා රුපියල ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයට අතතබන්නට අපට අවස්තාවක් උදා වුනේ නෑ.'

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment