අම්මා දරු ප්‍රසුතියට ගිය අතරේ දියණියට පෙම්වතා අතවර කරලා


දරු ප්‍රසුතියක් සඳහා මව රෝහල් ගත කළ දිනයේම තම පෙම්වතා නිවෙසට කැඳවාගත් පාසල් දැරියක් පෙරේදා (10දා) පොලිස් භාරයට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දැරිය එම පෙම්වතා අතින් දූෂණයට ලක් වී
ඇති බවට හෙළි වූ බව කුඩාඔය පොලිසිය පවසයි.
මෙම දැරීය දූෂණයට ලක්ව ඇත්තේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ස්ථානයක බැවින් කුඩාඔය පොලිසිය විසින් මේ පිළිබඳව වැල්ලවාය පොලිසියට පැමිණිලි කර තිබේ. දූෂණයට ලක් වී ඇති දැරිය ප්‍රදේශයේ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දැරියක් බව අනාවරණය වී ඇත.

සැකකාර පෙම්වතා වැල්ලවාය - පරගස්මංකඩ ප්‍රදේශයේ පදිංචි විසි  හැවිරිදි තරුණයකු බව පොලිසිය පවසයි. මෙම වින්දිත දැරිය 2018  වසරේ දෙසැම්බර් මස සෙනසුරාදා දිනක ටියුෂන් පන්තියකට යන බව පවසා වැල්ලවාය නගරයට පැමිණ පසුව මෙම සැකකාර පෙම්වතා සමඟ මොනරාගල දෙසට යන බසයක නැගී මදක් දුර ගොස් ඉන් බැස පෙම්වතාගේ මිතුරකුගේ ත්‍රිරෝදයකින් පාළු නිවෙසකට ගොස් ඇති බවත් එහිදී සැකකරු මෙම දැරිය දූෂණයට ලක්කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

-සංජීව බණ්ඩාර-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment