89 හා 2009 අතුරුදන් වූ අයගේ පවුල් වලට රු.6,000ක මාසික දීමනාවක්


අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ට රුපියල් 6,000 බැගින් මාසික දීමනාචක් ලබා දෙන බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහන් කරයි.  ඒ අනුව යුද්ධයේදී අතුරුදන් වූ හමුදා හා පොලිස්
නිලධාරීන්, එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්
ඇතුළු අතුරුදන් වූවන්ගේ පවුල්වෙත මෙම දීමනාව ලබාදීමට නියමිතය.

2009 පසුගිය ක්‍රියාන්විතයේදී මෙන්ම, 1988/89 භීෂණ සමයේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා පසුගිය කාලයේ දේශපාලන හේතු මත බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් මෙම මාසික දීමනාව ලබා දෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නිලධාරීයෙක් පැවසීය.

මෙම මාසික දීමනාව සදහා අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් ඥාතීන් විසින් රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්යාලයෙන් "නොදුටු සහතිකය'' නමැති සහතිකය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවත්, අවශ්‍ය කරන ලියවිලි සපයා ගැනීම් අපහසුතාව නිසා මෙම "නොදුටු සහතිකය'' මේ වනවිට ලබාගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම වන්දි ගෙවීම සඳහා රු. බිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කිරීමට යෝජනා වී ඇත.

 -චාමර සම්පත්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment