ඩෙබිඩ් කාඩ් හොරකම් කර අරක්කු පාටි දැමූ පාසල් ගුරා රිමාන්ඩ්

අන්සතු බැංකු කාඩ්පතකින් (ඩෙබිඩ් කාඩ්) වාංචාකාරී ලෙස අවස්ථා කීපයකදී භාණ්ඩ ලබාගෙන අවසානයේ අරක්කු පාටියක්ද දැමූ ගම්පොළ කලාපයේ ගුරුවරයකු 14දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස
ගම්පොළ මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර
මහතා නියෝග කළේය. සිකුරාදා (8දා) සවස මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොළ නගරයේ පදිංචී ගුරුවරයකු වන අතර මොහු ගෙලිඔය පදිංචි අයකුගේ කාඩ්පතක් උපයෝගි කරගෙන මෙම වංචාව සිදුකර තිබේ.

පළමුවෙන්ම මෙම කාඞ්පත්තේ මුදල් ඇතිද යන්න පරික්ෂා කිරීම සඳහා මිතුරකුගේ මාර්ගයෙන් ගම්පොළ වෙළඳසලකින් රුපියල් 5000ක භාණ්ඩ ලබාගෙන පසුව සැකකරුද  එම කාඩ්පත උපයෝගි කර ගනිමින් භාණ්ඩ ලබාගෙන තිබේ. ඉන්පසු මෙම අය ගම්පොළ ඉන්ධන හලකින් රුපියල් 500ක පෙට්රල් ලබාගෙන අනතුරුව එම ඉන්ධන හලේ සේවකයා ලවා මුදලින් රුපියල් 4500ක්ද රැගෙන අනතුරුව තවත් මිතුරකු සමග පාටියක් දමා ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

මේ අතර මෙම කාඞ්පත් හිමියාගේ පැමිණිල්ල මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් ඔහු එම කාඩ්පත ඉවත දමා ඇති බවද පොලිසියට පවසා තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment