මහින්ද බලය ඇල්ලුවාට විරුද්ධව රනිල් දාපු පෙත්සමක් ඉල්ලා අස්කර ගනී

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් එම තනතුරුවලට කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඒජාපය ප්‍රමුඛ  පක්ෂ කිහිපයක් යොමු
කළ පෙත්සම අද (12) අභියාචනාධිකරණයෙන් ඉල්ලා අස්කර ගත් බව වාර්තා වේ.

එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූවේය.

එහිදී මෙම පෙත්සම ගොනු කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ලෙස, සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මේ වනවිට ගැටලුව අවසන්ව ඇති බවත් මෛත්‍රිපාල ජනපතිට සියලු තීරණ හකුළාගන්නට සිදුවූ බවත් ඒ් නිසාපෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවත්ය.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට හැකි බවට අභියාචනාධිකරණය අවසර දුන්නේය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එවකට අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පත්වීම් අභියෝගයට ලක් කරමින් ඉකුත් දෙසැම්බර් මස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment