නවසීලන්තයේ මුස්ලිම් පල්ලි 2 වෙඩිතැබීමක් – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම බේරෙයි


නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථාන දෙකක වෙඩි තැබීමක් සිදු වී ඇත. සන්නද්ධ පුද්ගලයන්
දෙදෙනෙකු දේවස්ථානවලට ඇතුළු වී මෙලෙස වෙඩි තබා ඇති අතර පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව දැනට වාර්තා වෙයි.
එම වෙඩි තැබීම් වාර්තා වූ එක්
දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ද ගොස් ඇති අතර ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වී ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.
ක්‍රයිස්චර්ච්වාසීන්ගෙන් නවසීලන්ත පොලීසිය ඉල්ලා සිටියේ නිවෙස්වල රැදී සිටින ලෙසටය.
සාමකාමී රටක් ලෙස ප්‍රකට නවසීලන්තයේ අඳුරුතම දිනයක් සටහන්වූ බව එරට අගමැතිනිය මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.





Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment