ගූගල් තරඟයකින් ලෝකයේ ළාබාලම පරිසර කතුවර සම්මානය 8 හැවිරිදි ඉසුරුට


ගුගල් ආයතනය මගින් පවත්වනු ලැබූ තරගාවලියකදී ලෝකයේ ළාබාලතම ගවේෂණාත්මක පරිසර ග්‍රන්ථ කතුවරයා ලෙස වේයන්ගොඩ ශාත්ත මරියා විදුහලේ සිසුවෙකු ප්‍රථම ස්ථානය ලබා වාර්තාවක් පිහිටුවීමට
සමත්වී ඇත. මේ වාර්තාවට හිමිකම් කියන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරු අරුනෝද නාකන්දල නමැති 8 හැවිරිදි සිසුවෙකි.

ගුගල් ආයතනය විසින් මේ සදහා තෝරාගෙන ඇත්තේ මේ දරුවා හොරගොල්ල ජාතික වනෝද්‍යානය ඇසුරු කරගනිමින් හොරගොල්ල
ජාතික වනෝද්‍යානය හා එහිදී අපිට හමුවන සතුන්ගේ අසිරිය නමින් රචනා කරන ලද ග්‍රන්ථයක ඉංග්‍රීසි පිටපතයි. කුඩා කල සිටම සතුන් කෙරෙහි ඇල්මක් දැක්වූ ඉසුරු  හොරගොල්ල වනෝද්‍යානය ඇසුර කර සිංහල භාෂාවෙන් ලියන ලද පොත පරිවර්තනය කර ඇත්තේ ඔහුගේ පියා හර්ෂ උදය කුමාර නාකන්දල මහතා විසිනි. අන්තර්ජාලයට යොමු කරන ලද මෙම පොත හොඳම ගවේෂණාත්මක පරිසර ග්‍රන්ථය ලෙස තෝරාගෙන ඇත.

මීට පෙර ගුගල් ආයතනය විසින් අන්තර්ජාලයේ පළ කර ඇති ගවේෂණාත්මක පරිසර ග්‍රන්ථය රචනා කර තිබී ඇත්තේ වයස අවුරුදු  09ක් වූ අමෙරිකානු ජාතික සිසුවියක් විසිනි.

 එය මෙවර ශ්‍රී ලංකාවේ 8 හැවිරිදි සිසුවෙකුට හිමිවීම විශේෂත්වයකි.

වේයන්ගොඩ ශාන්ත මරියා විදුහල්පති බී.ඩී. අයි.කේ. කරුණාරත්න මහතා සඳහන් කළේ, තම පාසල් දරුවෙකු ලෝක වාර්තාවකට හිමිකම් කීම මහත් සතුටට හේතුවක් වන බවයි.

 - කාන්ති මීරිගම-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment