මත් ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ගත් කහවත්ත පොලිස් නිලධාරියාට වසර 8ක සිර දඬුවම්


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට එරෙහිව නීති මඟින් කටයුතු නොකර සිටීම සදහා රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොළේ හිටපු උප පොලිස්
පරීක්‍ෂකවරයෙකුට වසර 08 ක සිරදඩුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට රුපියල් 10,000/- ක දඩයක්ද නියම කළේය.

විත්තිකාර හිටපු උප පොලිස් පරික්‍ෂවරයාට නියම කළ වසර 08ක සිරදඩුවම වසර 04ක කාලකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද
විනිසුරුවරයා නියම කළේය.
සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ  රංජනී සෙනෙවිරත්න මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරන සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස දඩුවම් නියම කරන ලද්දේ කහවත්ත ඇන්දාන පොලිස් මුරපොළේ උප පොලිස් පරික්‍ෂවරයකු ලෙස කටයුතු කළ ටී. පුණ්‍යවර්ධන නමැත්තාය.

2011 ජුනි මස පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක කහවත්ත ඇන්දාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 20,000/- ක අල්ලසක් ලබාගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි. මෙහිදී නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

(මනෝප්‍රිය ගුණසේකර)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment