මිරිස්සේදී කොකේන් සමග හසුවූ නිළිය ගැන කතාව

https://www.gossiplankanews.com/2019/03/mirissa-tele-actress-shanika-maduwanthi-warnakulasuriya.html#more
ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනාගෙන සංවිධානය කළ සාදයකට සහභාගී වී කොකේන් හා හදුනානොගත් මත් පෙති පානය කරමින් සිටි බව කියන රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17 දෙනකු  පසුගිය 3 වනදා උදෑසන
මාතර පොල්හේන ප‍්‍රදේශයේ හෝටලයක් තුළදී

අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ඔස්සේ  විශාල ප්‍රචාරයක් දියත් විය.

මාතර මිරිස්සේ හෝටලයක පැවති රාත්‍රී සාදයකට සහභාගී වී ඔවුන් මෙම මත්ද්‍රව්‍ය භාවිත කළ බවද කියැවිණි.

මෙවැනි වැටළීම් ගැන නිරන්තරයෙන්ම මාධ්‍ය ඔස්සේ වාර්තාවන නමුත් මෙතැනදී රංගන ශිල්පිනියකද කොටවී ඇති බව ඉහළ ප්‍රචාරයක් පැවතීම නිසා ඒ කවුද යන්න ගැන බොහෝ අයගේ අවධානය යොමු විය.
වාර්තාවන ආකාරයට ඇය ශානික මධූවන්ති වර්ණකුලසූරිය නමැති වත්තල ප්‍රදේශයේ පදිංචි නවක නිළියකි. ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක යයි ඉහළින් වාර්තා කර තිබුණත් එතරම් දෙනෙකු හඳුනන තැනැත්තියක නොවන අතර ඇය රඟපෑ ටෙලි නාට්‍ය හෝ චිත්‍රපට ගැනද පැහැදිලි වාර්තාවක් නැත.

මිරිස්ස හෝටලයේ රාත්‍රිය මුළුල්ලේ පැවති එම සාදයට විදේශිකයන් ඇතුළු කරුණු තරුණියන් 1500ක් පමණ සහභාගිවී ඇති බවද වාර්තාවී තිබුණි.
ඔවුන් හෝටලයේ කාමර දෙකක් කුලී පදනම මත ලබා ගෙන කොකේන් පානය කරමින් සිටි බවද පොලිසිය වාර්තා කර තිබේ.
මත්ද්‍රව්‍ය වරදට හසුවූ 17 දෙනෙකු අත්අඩංගුවට පත්ව අධිකරනයට ඉදිරිපත් කළ පසුව ලබන 8 වනදා දක්වා රිමාන්ඩ් කර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment