සිපගනිමු කියා පෝසත් කොල්ලන් රවටා රන්භාණ්ඩ කොල්ල කෑ කෙල්ල අත්අඩංගුවට

https://www.gossiplankanews.com/2019/03/fake-love-robber-girl-arrested.html
න් ආභරණ පැළඳ සිටින තරුණයන් සමඟ හාදවී පසුව සූක්ෂම ලෙස ඔවුන්ගේ රන් ආභරණ කොල්ල කන සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවූ බව කියන තරුණියක 14දා අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය කියයි.

සැකකාර තරුණිය 21වැනි වියේ පසුවන බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය අමන්දොළුව ප්‍රදේශයේ නේවාසිකාගාරයක තාවකාලිකව  රැදී සිටිමින් මෙම මංකොල්ල කෑම් සිදුකරන  බව වාර්තාවී තිබේ

ඇය ආඩිඅම්බලම ප්‍රදේශයේ තරුණයන්

දෙදෙනකු හා එක්ව දිගින් දිගට මෙම සංවිධානාත්මක කොල්ලය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත.

එම කාන්තාව විසින් රන් පැළඳ සිටින තරුණයන් පසුපස හඹා යමින් එම තරුණියන් සමග හාදවී පසුව
ඔවුන් සමග සිප ගැනීමට අවශ්‍ය බවට පෙළැඹවීම් ඇති කර ආලෝකය නැති ජනතාව නොගැවසෙන ළඳු කැලෑ ප්‍රදේශයන්ට ගෙන්වාගන්නා බවත් පසුව ඇය විසින්ම කල් ඇතිව යෙදවූ තරුණයන් දෙදෙනකු යොදවා මේ උගුලට හසුවන තරුණයාගේ ගෙලට තියුණු ආයුධ තබා රන්මාල කොල්ලකෑම සිදුකරන බව මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

 සීදුව පොලිසියට මෙම සිද්ධිය අනාවරණය වී උපාය දූතයකු යොදවා වෙළඳ කලාපය ආශ්‍රිතව ඇවරිවත්ත ප්‍රදේශයේ රැකවලා සිටිමින් වැටලීම කර එම කාන්තාව සහ තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.  බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කෙළින්ම කියන්න වැඩසටහන මත ක්ණිකව ලද තොරතුරු ඔස්සේ  මෙම  වැටලීම සිදුකර ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment