රිය අනතුරකින් මියගොස් වළ දැමු කතකගේ සිරුර වස්කඩුව කනත්තෙන් ගොඩගනී


දින 40කට ප්‍රථම මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතාගේ අධීක්ෂණය යටතේ 14 වැනිදා පස්වරුවේ වස්කඩුව පොදු සුසාන භූමියේදී ගොඩගන්නා ලදී.
ගොඩගනු ලැබුවේ පෙබරවාරී 02 වැනි දින රිය අනතුරකින් මියගිය කුඩා වස්කඩුව වෙලේ පන්සල පාරේ පදිංචිව සිටි සිවුදරු මවක වන 35 හැවිරිදි ඒ. කුමුදිනි උදේශිකා මහත්මියගේ දේහයයි.

තම ස්වාමි පුරුෂයා සහ දරුවන් සමඟින් සීගිරිය ප්‍රදේශයේ හෝටලයකට යමින් සිටියදී කුරුණගල
බඩගමුව රක්ෂිතයේදී එදින අලුයම පහට පමණ ඔවුන් ගමන් ගත් මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ ටිපර් රථයක ගැටීමෙන් තුවාල ලබා ඇය මියගොස් තිබිණි. කාර් රථයේ ඉදිරී වම්පස ඇය ගමන් කර ඇති අතර බරපතළ ලෙස අනතුරට ලක්ව ඇත්තේද කාර් රථයේ ඉදිරිපස වීම ගැටලු සහගත බැව් පොලිසිය පවසයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරු අලුත්ගම  ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරන බව පැවැසේ. රිය අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථය පැදවූ අයගේ සැමියා කුරුණෑගල පොලිසිය පසුගිය 09දා වස්කඩුවේදී සැකපිට අත්අඩංගුවට ගෙන කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේන් පසු කුරුණෑගල මහෙස්ත්‍රාත් ඩී.සී‍.එස්. හේවාවසම් මහතා ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය මත දේහය නැවත ගොඩගත් බව පොලිසිය පවසයි. දේහය පසුගිය පෙබරවාරි 04 දින භූමදාන කර ඇති අතර මළසිරුර ගොඩගන්නා අවස්ථාවේ මදක් නරක් වී තිබූ බව දැකගන්නට හැකි වීය. මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

-සුමිත් රණවක-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment