ජනපති ගෝඨා ඝාතන තැතට නාලක සම්බන්ධ බවට සාක්ෂි ඇත - නීතිපති දන්වයි


ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් චෝදනා මත දැනට අත්අඩංගුවේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව ප්‍රමාණවත් සහ පැහැදිලි සාක්ෂි පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී
සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

එම නඩුව අද(06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවු අවස්ථාවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම්දුන් බව  අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

නාලක ද සිල්වා මහතා ප්‍රබල අපරාධ කල්ලි සාමාජික මාකඳුරේ මධූෂ් සහ ගායන ශිල්පී අමල් පෙරේරා යන අය සමඟ සබදතා පවත්වා ඇති බවත් ඔහු එම සබදතා අනාවරණය නොවන ලෙස ඉතා සූක්ෂම ලෙස කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදි අධිකරණයට දැනුම් දුන් බව වාර්තා වෙයි.

එම කරුණු සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නාලක ද සිල්වා මහතාට එරෙහිව ගොනු කිරීමට ඇති සාක්ෂි සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේ දී සාක්ෂි පිළිබද වාර්තාවක් අධිකරණයට ගොනුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඒ අනුව නාලක ද සිල්වා මහතා ලබන 19 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව  අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසීය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment