ඉතිහාසයේ විශාලතම ආයෝජනය යොදවා මාලබේ - කොටුව සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියට අත්සන් තැබේ

https://www.gossiplankanews.com/2019/03/malambe-pettah-lite-rail.html#more
තිහාසයේ රජයක් විසින් සිදුකළ විශාලතම ආයෝජනය වන මාලබේ - කොටුව සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (13 වැනිදා) බත්තරමුල්ලේ පිහිටි මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුකෙරිණි.
එහි ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2200 කි.
මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ සහ ඔරියන්ටල් කන්සල්ටන් ග්ලෝබල් සමාගමේ දකුණු ආසියානු කලාපීය භාර සාමාන්‍යාධිකාරි රොහෙයි ඉෂී යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.


ජපන් ජයිකා ආධාර යටතේ සියයට බින්දුවයි දශම එකක ඉතා අඩු පොලී අනුපාතයකට මෙම ණය මුදල හිමිවන අතර එය ගෙවීම සඳහා වසර 12 ක සහන කාලයක් හිමිවේ. ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ විප්ලවීය පරිවර්තනයක් කරමින් මෙම ව්‍යාපෘතිය 2024 වන විට ජනතා අයිතියට පැවැරීමට නියමිතය.

මෙම අවස්ථාවට මහ නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment