මොරටුවේ වෙඩි තැබීමකින් බස් හිමි පියෙකු හා පුතාගේ යාලුවා මරුට


 අද දින උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක්
ඉදිරිපිට සිටි තිදෙනෙකුට
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතරොම් තුවක්කුවකින් වෙඩි තබා පලා ගොස් ඇත.
මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් ඇත. බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment