පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර කළ නුගේගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඇප



දහහතර (14) හැවිරිදි බාල වයස්කාර සාමණේර හිමිනමකට බරපතළ ලිංගික අතවරයක් හා පහරදීමක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන

ළමා හා කාන්තා

කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ විහාරස්ථානයක සැකකාර හිමිනම ඇපමත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය. එම සාමණේර හිමියන් එකී විහාරස්ථානයේ වැඩ සිටි එක්තරා රාත්‍රියකදී සැකකාර හිමිනම එම සාමණේර හිමියන්ව තමා වැඩසිටි කාමරයට ගෙන්වාගෙන අතවර කර ඇති බවද අනාවරණය කෙරිණි.

එම සිද්ධියෙන් අපහසුතාවට පත් එකී සාමණේර හිමියන් එම විහාරස්ථානයෙන් පලාගොස් බටපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මාර්ගයෙන් හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
හබරාදුව පොලිසිය ඒ හිමියන්ගෙන් මිරිහාන පොලිසියට කළ දැනුම්දීමකට අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහත්මිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සැකකාර හිමිනමට රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණු අතර පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන පොලිසියේ කොස්තාපල් වීරසිංහ (86478) කියා සිටියේ මෙම සිද්ධිය 2017 වසරේ මැයි මාසයේ දිනක සිදුව ඇති බවට කරුණු අනාවරණය වන බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment