යුවතියන් දෙදෙනෙකු කාමරයක සිරකරගෙන දවස් හතරක් තිස්සේ අතවර කරලා


අවුරුදු 12 හා 13 අතර වයසේ පසුවන බාලවයස්කාර පාසල් දැරියන් දෙදෙනකු දින 4ක් තිස්සේ රඳවා තබා ගනිමින් අපහරණය කරනු ලැබූ පුද්ගලයන් තිදෙනකු කදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය හදාරන මෙම දැරියන් දෙදෙනා ඉකුත් 6දා සිය
නිවාසවලින් පැනවිත් වත්තල ප්‍රදේශයේ සැරිසරමින් සිට අත. එලෙස සැරසරමින් සිටියදී වත්තල ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවකු විසින් මෙම දැරියන් දෙදෙනාට රැකවරණය ලබාදෙන්න යැයි පවසමින් ඔවුන්ව රැගෙන ගොස් ප්‍රදේශයේ ලැගුම්හලක තබාගෙන අපයෝජනය කර තිබේ. පසුව මෙම දැරියන් දෙදෙනාව අපයෝජනය
කිරීමට තවත් පුද්ගලයන් 7 දෙනකුට අවස්ථාව ලබා දී ඇත.

පසුව දැරියන් දෙදෙනාව රාජගිරිය ප්‍රදේශයේ ‘අක්කා’ නමින් හැඳින්වෙන කාන්තාවක් හට භාරදී තිබේ. අක්කා නමැති කාන්තාව කාන්තාවන් මුදලට පිරිමින් හට සපයන තැනැත්තියක් බව පැවැසේ. පසුව අක්කා නමැති එම කාන්තාව දැරියන් දෙදෙනා ඉගෙනුම ලැබූ පාසල වෙත පැමිණ දැරියන්ගේ අස්වීමේ සහතික ලබාගැනීමට උත්සාහ දැරීමේදී පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී

දැරියන් දෙදෙනාගේ කතාව හෙළිදරව් වී ඇත. මෙම දැරියන් පවසා ඇත්තේ සිය මවුපියන් නිරන්තරයෙන් තමන්ට පහර දෙන බැවින් එයින් මිදීම සඳහා නිවෙසින් පැන යෑමට තීරණය කර එසේ යෑමේදී ඉහත සිද්ධීන්වලට මුහුණ දීමට සිදු වූ බවයි.

තවදුරටත් දැරියන් හෙළිදරව් කර ඇත්තේ තමන්ට මත්ද්‍රව්‍ය වැනි දෑ ලබා දෙමින් තමන් දින කිහිපයක් රඳවාගෙන සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනකු 13දා වත්තල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

සිද්ධියට මුහුණ දුන් දැරියන් වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදුකරයි. ක¼දාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවේ.
ජා-ඇළ - ප්‍රසංග පාවුළුහේවා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment