ගෝඨා - බැසිල් ගැටුම දුරදිග යයි: මහනුවර වේදිකාවට ගෝඨා නැහැ!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව එළඹෙන 08 වනදා මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.

ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් එම රැළියට ජනතාව ගෙන ඒමට 'පොහොට්ටු' පක්ෂයේ ඇතැමුන් කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රසිද්ධියේ පහරදීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම තීරණයට හේතුවී ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

 'විමල්ට ඕන වුනාට මට ගෝඨාභය එපා'- කුමාර වෙල්ගම

මේ අතර බැසිල් වාදියකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසන්නේ, මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ හා ඔහුගේ පක්ෂයේ මතය වී ඇති නමුත්, තමන් එයට කිසිඳු ලෙසකින් එකඟ නොමැති බවයි.

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment