ඩොලර් පන්ලක්ෂයකට අවුරුදු 10ක්: තුන්ලක්ෂයකට අවුරුදු 5 ක් ශ්‍රී ලංකා වීසා.


ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 10ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 300,000ක මුදලක් ප්‍රේෂණය කරනු ලබන ආයෝජකයන්ට වසර 05ක් දක්වා වූ මෙරට තුළ වාසය කිරීමට වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ විදේශ රටවල පුරවැසිභාවය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වී ඇති පුද්ගලයින්ට විෂයභාර අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන කාලසීමාවක් දක්වා ස්ථිරව වාසය කිරීමට වීසා බලපත්‍ර ලබා දීම පිණිස 1948 අංක 20 දරන ආගමික හා විගාමික පනතේ 14(1) හා 14(2) යන වගන්ති සංශෝධනය කිරීම සඳහා සහ 14(3අ) ලෙස නව වගන්තියක් ඇතුළත් කිරීම සඳහා පනත් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇත.

ඒ අනුව එම කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් අනුතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment