මෛත්‍රී: පොලිසියේ බලතල වැඩිකර ගැනීමේ සැකසහිත උත්සාහයක් ගැන මහින්දගෙන් හෙළිදරව්වක්!


අද හැකිතාක් උත්සාහ ගැනෙන්නේ පොලිසියේ බලතල වැඩිකර ගැනීමට බවත් එය සැක සහිත බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

රත්ගම වැනි සිදුවීම් වලදී පොලිසිය විසින් තරුණයින් පැහැරගෙන ගොස්, ඝාතනය කර, පුළුස්සා දැමීම සම්බන්ධයෙන් පැමිණිලි තමන් වෙත ලැබෙමින් පවතින හෙයින් රටේ පාලනය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි ඒ මහතා සඳහන් කළේ.

මේ හරහා රටේ විනය ගැන ප්‍රශ්නයක් ද මතුවන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

කොළඹ නගරය පාතාලයින්ගේ රජ දහනක් බවට පත්ව ඇති බවත් දිනපතා මිනීමැරුම් සිදුවන බවත් පැවසූ ඒ මහතා මෙවන් තත්වයක් හමුවේ රටේ ස්ථාවරභාවය ගැන ප්‍රශ්න මතුවන බවත් ඒ නිසාම මේ වනවිට ශ්‍රී ලංකාවට ආයෝජකයින් නොපැමිණෙන බවත් සඳහන් කළේය.

පොලිස් දෙපාර්තමේන්තුව පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ වන අතර ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ එකමුතුවෙන් නව සන්ධානයක් ගොඩනැඟීමට බලාපොරොත්තුවෙන් සිටිය ද එය දිනෙන් දින ප්‍රමාද වන ආකාරයක් පෙන්නුම් කෙරෙමින් පවතී.

[LNW]

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment