රූකාන්ත දඹදෙණියේ වැඩ අල්ලයි: අලව්ව රෝහලට ගිලන් රථයක් ඉල්ලයි.


එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසනයේ සංවිධායක ප්‍රවීණ කලාකරු, රූකාන්ත ගුණතිලකගේ අලව්ව පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ උත්සවය ඊයේ (05) පෙරවරුවේ අලව්ව, වළකුඹුර ප්‍රදේශයේදී පැවැත්විණ.

ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් එම කටයුතු ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට සමගාමීව නිල ෆේස්බුක් පිටුව එළිදැක්වීමද රූකාන්ත ගුණතිලක මහතා අතින් සිදුකරනු ලැබිණ.

කාර්යාලයේ වැඩ බාරගනිමින් ඔහු සිය පළමු සමාජ සත්කාරය ලෙස අලව්ව ප්‍රාදේශීය රෝහලට ගිලන් රථයක් ලබාගැනීමට අදාළ ලිපියකට තබන ලදී.

අනතුරුව පක්ෂ ක්‍රියාකාරීන් අමතා නව සංවිධායකවරයා සඳහන්කර සිටියේ "තමන් කලාකරුවෙකු වශයෙන් සියලු මනුෂයන්ට ආදරය කරන බවත් දඹදෙණිය ප්‍රමුඛ කුරුණෑගල ජනතාවගේ ජයග්‍රහණය උදෙසා කැපවන බවයි.

මෙම අවස්ථාවට දඹදෙණිය ආසනයට අයත් අලව්ව නාරම්මල ප්‍රාදේශීය දේශපාලන නායකයන් ඇතුලුව පක්ෂ ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිටියහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment