පුතාගේ බූරුපොළේදී බූරු ගසමින් සිටි මව අත්අඩංගුවට


පුතා මෙහෙයවූ සුදුපොළක මුදල් ඔට්ටුවට බූරු ගැසු මවක ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව හෙට්ටිපොළ පොලිසිය කියයි.
හෙට්ටිපොළ අක්කරවත්ත
මූණමල්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස මෙම බූරුපොළ පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් පුතා මෙම බුරුපිටිය පවත්වාගෙන ගොස් ඇති අතර මවත් පුතාත් තවත් සිවු දෙනෙකුන් බූරුවා ගසා ඇත.

පොලිසිය වටලන අවස්ථාවේ පුතා බූරු පිටියේ තිබූ මුදල්ද සමග පළාගිය බව පොලිසිය කියයි.  සැකකරුවන් මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර හෙට්ටිපොළ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-ධමිමිකා බාලසූරිය-


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment