පොල්කිරිපිටි පැකට්ටුවක මියගිය සර්පයෙක්

නුවරඑළියෙදී මිලදී ගත් පොල් කිරි පිටි පැකැට්ටුව තිබී මියගිය සර්ප පැටියකුට සමාන්‍ය සත්වයකු හමුව තිබේ. නුවරඑළිය නගරය ආසන්නව රුපලාවන්‍යගාරයක් පවත්වා ගෙන යනු ලබන තරුණියක් පසුගිය දිනක
වෙළෙඳපළේ පවතින පිටි කළ පොල් කිරි කිලෝ 
එකක පැකට්ටුවක් මිලදී ගෙන ඇති අතර එය පසුගිය දිනවල පරිභෝජනයටද ගෙන ඇත.

එසේම නැවත ආහාර පිසීම සඳහා පොල්කිරි පිටි භාවිතා කිරීමට යෑමේදී එම පැකට්ටුව තුළ තිබි මිය ගිය සත්ත්වයකු දැක තිබේ. මෙවැනි නිෂ්පාදනවල ප්‍රමිතිය කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව මෙම පිටි කළ පොල් කිරි පැකැට්ටුව මිලදි ගත් තැනැත්තිය වැඩි දුරටත් පැවසීය.

-චන්දන තිලක් ද සිල්වා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment