ගාල්ලේ හොරෙන් රැකියා කරපු චීනුන් 14කට සිර දඬුවම්

සංචාරක වීසාවලින් පැමින නීති විරෝධී ලෙස මෙරට රැදී සිටිමින් රැකියාවල නිරත වූ චීන ජාතිකයින් 14 දෙනෙකුට ගාල්ල මහාධිකරණයේදී එක් වසරක් බැගින් අනිවාර්ය සිර දඬුවමක් සහ රුපියල් පනස් දහස
බැගින් දඩයක් නියම කෙරිණි.
ඔවුන් 14 දා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා මෙම දඬුවම් නියම කළේය. දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක සිර දඩුවමක්ද විත්තිකරුවන්ට නියම විය.

මෙම චීන ජාතිකයින් සංචාරක වීසාවලින් පැමිණ ගාල්ල දඩල්ලේ ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩ බිමක අත් උදව්කරුවන් ලෙස සේවයේ යෙදී සිටියදී ලැබුණු තොරතුරක් මත ගාල්ල පොලිසිය මගින් පසුගිය (2) වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

-ෆර්හාන් නිසාම්දින්-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment