දරුවෙකු පෙන්වා හිඟමන් යදින දුම්රියේ බෑග් හොරා අත්අඩංගුවට

මන්නාරම-කොළඹ රාත්‍රී තැපැල් දුම්රියේ මගීන්ගේ  ගමන් මලු පැහැරගන්නා කල්ලියක පුද්ගලයෙක් අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාවේ නිලධාරින් විසින් මිහින්තලය උපදුම්රිය ස්ථානය ආසන්නයේදී 14 දා අලුයම අත්අඩංගුවට ගනු ලැබිය.

රාත්‍රි කාලයේ දුම්රිය

මගීන්ගේ ගමන් මලු පැහැරගන්නා මෙම පුද්ගලයා හෘදයාබාධයකින් පෙළෙන බව කියන කුඩා දරුවෙකුට ඉන්දියාවේදී ශල්‍යකර්මයක් කළ යුතු බව පවසමිත් උදය කාලයේදි ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ කූඨ ක්‍රියාවක යෙදෙන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

මන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගමන්ගත් කාන්තාවකගේ ගමන්  මල්ල මිහින්තලය උපදුම්රිය ස්ථානය අසලදී පැහැරගෙන පලායමින් සිටි මෙම පුද්ගලයා පසුපස එම දුම්රිය ස්ථානයේ සිවිල් ඇඳුමින් සිටි දුම්රිය  ආරක්ෂක නිලධාරීන් කිලෝමීටර් බාගයක් පමණ ලුහුබැඳ ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

රාත්‍රී තැපැල් දුම්රියේ මගීන්ගේ ගමන්මලු මිහින්තලය උපදුම්රිය ස්ථානය හා අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන අතරදී පැහැර ගන්නා බවට ලැබී ඇති පැමිණිලි හා තොරතුරු අනුව සිවිල් ඇඳුමින් යුත් ආරක්ෂික නිලධාරීන් එම දුම්රිය ස්ථානවල රාජකාරීයේ යොදවා ඇතැයිද දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

අත්අඩංගුවටගත් පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසියට බාරදී ඇත.

(මහින්ද නිශ්ශංක)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment